දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනකට ලැබුණු එළවළු කිලෝ ලක්ෂ විස්සකින් මේ වන විට එළවළු කිලෝ ලක්ෂ දෙක දක්වා පහත වැටීමේ තත්ත්වයට සහ ගොවියට සිදුවී ඇති අර්බුදය මෙම රජය උදාකර දුන් තත්වයක් බවත් ගොවියා විනාශ කළ වර්තමාන රජය වහාම පලවා හැරීමහැරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය ගොවීන්ට ලබා දෙන බව එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (08දා) දඹුල්ලේ දී පැවසීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් ගොවීන් සහ අතරමැදි වෙළදුන්ට මේ දිනවල අත්ව ඇති තත්වය පිළිබඳව නිරීක්ෂණයක් සඳහා නාමල් කරුණාරත්න මහතා දඹුල්ල ට පැමිණ සිටියේය.
මුලින්ම ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න වෙළෙඳ සංගමයේ සභාපති යූ .බී. ඒකනායක යන මහත්වරුන් සමග වර්තමාන වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව නාමල් කරුණාරත්න මහතා වෙළෙඳ පොළට ගොස් ගොවීන් ව්‍යාපාරිකයන් සහ අත්රමැදි වෙළඳුන් සමඟ වෙළඳාම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට විය.
එහිදී බොහෝ ගොවීන් කියා සිටියේ මේ වන විට ඉන්දන හිගය නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ඒමට නොහැකිව අසීරුතාවයකට පත්ව තිබෙන බවය. එමෙන්ම එළවලළු මිලදී ගැනීම සඳහා පිට පළාත්වලින් පැමිණෙන වෙළඳුන් අඩුවීම හේතුවෙන් තම අස්වනු විකුණා ගැනීමට නොහැකි බරපතල තත්වයකට මුහුණ පා ඇති බව ගොවීන් පැවසූහ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙනවිත් තිබූ විශාල කොස් ඇට ප්රමාණයෙන්ක් අලෙවි නොවීම නිසා විනාශ කර දැමීමට ගොඩගසා ඇති අයුරුද එළවළු විනාශ වන ආකාරය ද නාමල් කරුණාරත්න මහතා ගේ නිරීක්ෂණයට ලක්වීම විශේෂත්වයකි
මෙය පසුව මාධ්‍යවේදීන් ඇමතූ නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ සම්පූර්ණයෙන්ම කෘෂිකර්මාන්තය කඩා දැමීමේ විනාශ කිරීමේ වගකීම් වර්තමාන ආණ්ඩුව බාරගත යුතු බව ය
මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට බියෙන් සැඟවී සිටින බව ද ගොවි ජනතාව එක්ව වර්තමාන ආණ්ඩුව පලවා හැරීම සඳහා අත්වැල් බැඳගෙන ගොවිජන සම්මේලනය ක්‍රියාත්මක කරන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.
නාමල් කරුණාරත්න මහතා මාධ්‍යයට ප්‍රකාශය කිරීම අවසන් වනවාත් සමඟ එම ස්ථානයට පැමිණි අතරමැදි ව්‍යාපාරිකයෙකු කියා සිටියේ එළවලුළු මිල ඉහළ යන අවස්ථාවන්හිදී ද මේ ආකාරයෙන් කිසිවකුත් පැමිණීමක් සිදු නොවන බවය .කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය තුළ මිල ඉහළ යන අවස්ථාදවන්හිදී ද මෙවැනි කටයුතු සොයා බලා ඉදිරි ගමනක් යා යුතු බව ඔහු සඳහන් කළේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු වූ අයි.ජි .විජේනන්ද මහතා නාමල් කරුණාරත්න මහතාට පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියේ වසර 30ක පමණ කාලයක් සිට මෙරට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සකසන ලෙස යෝජනා කළ ද මෙතෙක් එය ක්‍රියාත්මක නොවීම නිසා සියලු දෙනා මෙම ප්‍රශ්නයට මුහුණ පා ඇති බවය. බලයට පත්වන කවුරුන් හෝ කණ්ඩායමක් ඊට අවශ්‍ය කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළේය
