උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන දමිල ජනතාව අතිතයේ සිට ප්‍රශ්ණ හා ගැටලු බොහොමයකට මුහුණදෙමින් සිටින අතර එම ප්‍රශ්ණ තවමත් නොවිසදි පවතින්නේ මෙම ප්‍රදේශ නියොජනය කරන දමිල දේශපාලඥයන්ගේ ක්‍රියා කලාපය හේතු කොටගෙන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියේ ත්‍රිකුණාමලය කින්නියා රාමේෂ්වරම් දෙමල විද්‍යායේ උත්සවශාලාව විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙම ප්‍රදේශවල ජිවත්වන බොහොමයක් ජනතාව ප්‍රශ්ණවලින් හෙම්බත්ව සිටියද ජනතාව වෙනුවෙන් ක්‍රියාකරන ප්‍රදේශයේ දමිල දේශපාලඥයින් තම පටු දේශපාලන අරමුණුවෙනුවෙන් ක්‍රියා කරනවා හැර ජනතාවගේ යහපත වෙනුවෙන් වැඩ නොකරන බවද පැවසිය.
පසු ගිය යහපාලන ආණ්ඩු සමයේ උතුරේ දේශපාලන නායකයන් ආණ්ඩුව සමග හිදිමින් ඹවුන්ගේ යහපත සදහා බොහොදේ ඉටු කරගත් නමුත් ජනතාවට සෙතක් ඉටුකලේ නැත නමුත් වත්මන් රජය බලයට පත්විමත් සමග උතුරු නුගෙනහිර පලාතේ ජනතාවගේ ජන ජිවිතය නගා සිටුවිම සදහා විශාල ව්‍යාපෘති රාශියක් දියත් කරමින් සිටින බවද ඉදිරියේදි එම කටයුතු පුඵල් කිරිමට පියවර ගන්නා බවද පැවසිය.