දුම්රිය වර්ජනය දිගටම ගියොත් හමුදාව යෙදවීමට සූදානම්
දුම්රිය වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ නම් ඒ දුම්රිය සේවය පවත්වාගෙන යෑමට ත්‍රිවිධ හමුදාව යෙදවීමට සූදානම් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසිය.
ගම්පහ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. එසේම රජයක් ලෙස නායකයන්ට නිවැරදි තීන්දු ගැනීමට කාලය පැමිණ ඇති බවත් ඔහු සඳහන් කළේය.
“අපි ඇත්තටම කනගාටුවෙනවා මේ දුම්රිය රියදුරන් කරන වර්ජනය පිළිබඳව. අපි රජයක් ලෙසට ප්රජාතන්ත්රවාදය මේ රටට ගෙනාවා. එයින් අනවශ්‍ය ලෙසට වෘත්තීය සමිති එකතු වෙලා ප්‍රයෝජනයක් ගන්නවානම්, විශේෂයෙන්ම රටේ ජනතාව අපහසුතාවට පත්කරනවානම් මේ අවස්ථාවේදී දුම්රිය රියදුරන් කල්පනා කරන්න ඕන.
දැන් ළමයි උසස් පෙළ විභාගය ලියන්න සූදානම් වෙලා තියෙනවා. මෙහෙම දිගට ගියොත් අපි ලෑස්තියි ත්‍රිවිධ හමුදාව දාලා යම්කිසි විසඳුමක් ගේන්න.
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් වුණොත් හොඳයි කියලා මම හිතනවා. අපි සාකච්ඡා කරනවා. රජයක් ලෙස අපි යම් වැඩපිළිවෙලක් ආරම්භ කර තියෙනවා. අපේ නායකයන්ට හරි තීන්දු ගන්නට වෙලාව ඇවිත් තියෙන්නේ. රියදුරන් වැඩට එන්නේ නැත්නම් අපි හමුදාවෙන් රියදුරන් දාලා මෙය පවත්වාගෙන යනවා. අපි එතනට යන්න කැමති නෑ. නමුත් ජනතාව අපහසුතාවට පත්කරනවානම් ඒ වෙනුවේන විසඳුමකට යන්නට වෙනවා.”

popular news
-
Sunil Sushadri Sunday, 12 August 2018 11:36 AM
අපගේ පූර්ණ ආශීර්වාදය ඔබතුමාගේ අදහසට.
Reply : 0 0
Kumar Wednesday, 15 August 2018 10:30 PM
දුම්රිය පදවන එක බස් පදවනවගේ පහසු දෙයක් නොවේ. ටොන් දෙතුන්සියක් බර වහනයක් පුහුණුවක් නැතිව පදවේම අවදානම්. අසරණ මගීන් මරන්න හැකි අලුත් ක්‍රමයක් වෙන්න ඇති. වන්ගුවක අධික ලෙස බලය දීමෙන් හරියට ලනුවක් දෙපැත්තෙන් අදිනවිට දිගහැරෙනවා වගේ පීල්ලෙන් එවතට පැනීම සිදුවිය හැක. ඒ වැනි සීවීමකින් සිය ගණනකගේ ජීවිත හනිවීමට් ඉඩ ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

