මීගොඩ හන්දිය ආසන්නයේදී දන්සලක පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 7ක් තුවාල ලබා තිබේ.
ඊයේ රාත්රී මෙම අනතුර සිදුව තිබේ. අවිස්සාවෙල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් මෙසේ ගැටී තිබේ. අනතුරින් පසුව කැබ්ර රථය පළාගොස් ඇති අතර වහා ක්රියාත්මක වූ පොලිසිය ගොඩගම හන්දියේදී කැබ් රථය හා රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මරණකරුවන් අවුරුදු 35-38ත් අතර හංවැල්ල හා අවිස්සාවෙල්ල පදිංචිකරුවන් වන අතර මරණකාරියන් අවුරුදු 15ත් 16ත් අතර පදිංචි පිළියන්දල පදිංචිකරුවන් වෙයි. තුවාල ලබූවන් හෝමාගම රෝහලේ ප්රතිකාර ලබයි.