දන්තාලේප ඇසුරුම් තුළ අයිස් මත්ද්‍රව්‍ය අසුරා මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල රැඳවියන්ට ලබාදීම සඳහා රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය පැකට 7 ක් සමග කාන්තාවක් තුළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකායේ නිලධාරීන්ට හැකි වී ඇත
එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව මිලිග්‍රෑම් 6550 ක් සිය භාරයට ගත් බව බන්ධනාගාර ආරක්ෂක ඒකකය පැවසීය.
දන්තාලේපන ඇසුරුමේ තිබූ සියලු දත් බෙහෙත් බහලුමෙන් පිටතට ගෙන සූක්ෂම අයුරින් අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් සකසා එම බහලුම් තුළට යොමු කොට ඊට උඩින් දන්තාලේපනය පුරවා කිසිවකුට සැක නොසිතෙන අයුරින් අත්අඩංගුවට පත් කාන්තාව සහ පිරිමි පුද්ගලයින් දෙදෙනා විසින් රැගෙනවිත් තිබූ බවත් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර ඒකකය පවසයි.
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්රමික බලකායේ නිලධාරීන් විසින් රැඳවියන් බැලීමට එන අමුත්තන් පරීක්ෂා කිරීම සඳහා යොදා ඇති වෙස්ලි මුරපොළ නැමැති ස්ථානයේදී පරීක්ෂා කිරීම් කටයුතු සිදුකිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවූ බන්ධනාගාර ආරක්ෂක ඒකකයේ නිලධාරීන් පවසයි.
අමුත්තන් බැලීම සඳහා පැමිණි සැකකාර කාන්තාව සහ පිරිමි පුද්ගලයින් මැගසින් බන්ධනාගාරයේ සහ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනකු බැලීම සඳහා පැමිණ ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් බන්ධනාගාර ආරක්ෂක ඒකකය පවසයි.
අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව වත්තල, හැඳල ප්‍රදේශයේ සහ එක් පිරිමි පුද්ගලයෙක් මෝදර උයන, මට්ටක්කුලිය ප්‍රදේශයේ හා අනෙක් පුද්ගලයා පර්ගිව්සන් පාර, මෝදර යන ප්‍රදේශයේ පදිංචිකරුවන් හා පදිංචි කරුවෙක් බවත් බන්ධනාගාර ආරක්ෂක අංශය පවසයි.
අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සහ පිරිමි පුද්ගලයින් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ හා ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත බාර දුන් බවත් බන්ධනාගාර ආරක්ෂක ඒකකය වැඩිදුරටත් පැවසීය.