දඩ ගෙවුව්වට අලි සබ්රිගේ මන්ත්රීධුරයට ගැටලුවක් නෑ
අලි සබ්රි රහීම් මන්ත්රීවරයා ලක්ෂ 74ක දඩ මුදලක් ගෙවීමට සිදු වුවද, මන්ත්රී ධුරය අහෝසි නොවන බවත්, ඒ සම්බන්ධයෙන් කවුරුන් හෝ අධිකරණ ක්රියාමාර්ගයක් ගෙන ඔහුගේ මන්ත්රී ධුරය ගැන තීන්දුවක් ලබාගන්නේ නම්, එය ක්රියාත්මක කරන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
'අද' පුවත්පත කළ විමසීමක පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"නීතියේ කොහේවත් මන්ත්රී ධුරය දරන්න බෑ කියලා නෑ. මේකට විරුද්ධව කවුරුහරි උසාවියට ගිහින් ඔප්පු කරන්න ඕන. ඊට පස්සේ මේ ගැන උසාවියෙන් නියෝගයක් ගන්න ඕන. ඒ අනුව උසාවිය ලබාදෙන තීරණ මට ක්රියාත්මක කරන්න පුළුවන්. අනිත් එක මේක උසාවියකින් දඩ ගහලා නෙවෙයිනේ. ඉතින් ඒකට විරුද්ධව දැන් කවුරු හරි උසාවි යන්න ඕන."
popular news
-
nanda Thursday, 25 May 2023 01:51 AM
kauruhari usawi gihin usawiye theeranaya wimasa balanna. rate ihala thenwal innaaya adarsawath wenne nethuwa rata hadanne kohomada
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

