වන සතුන් දඩයම් කරමින් සාද පැවැත්වු පුත්තලම නගරයෙ කෝටිපති ව්‍යාපාරිකයකු, පුත්තලම සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයා සමග දඩයම් වලට එක්වු තවත් සැකකරුවන් දෙනෙකු සමග කැබ් රථයක් හා තවත් උපකරණ රැසක් වනාතවිල්ලුව හා කරුවලගස්වැව වනජීවි කාර්යාල වල නිළධාරීන් ඒකාබද්ධව සිදු කල මෙහෙයුමකදී පුත්තලම 4 කනුව ආසන්නයෙදී 26 දින අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාම පුත්තලම නගරයෙ පදිංචිකරුවන් බවත් කෝටිපති ව්‍යාපාරීකයා ප්‍රත්තලම නගරය තුල ප්‍රසිද්ධ චරිතයක් බවත් සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයා ද සියලු රාජ්‍ය ආයතන සමග නිරන්තරයන් ගැටෙමින් කටයුතු කරන සැකකරුවන් බවද වනජීවි නිළධාරීන් පවසයි.
වනාතවිල්ලුව හා කරුවලගස්වැව වනජීවි නිළධාරීන් එක්ව මෙහෙයුමක නිරත වෙමින් සිටියදී සැක කටයුතු ලෙස ධාවනය කල කැබ් රථයක් මෙසේ පරික්ෂාවට ලක් කර තිබු බවත් එහිදි කැබ් රථය තුළ බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියක් සොයා ගෙන තිබු බව කියයි.
එම ගිනි අවිය පැය කිපයක් තුළදී කිසියම් වෙඩි තැබිමට යොදා ගෙන ඇති බවට වනජීවි නිළධාරීන් තහවුරු කර ගැනිමට සමත්ව තිබේ.
නමුත් ඒ පිළිබදව කිරීමේදි වදුරන්ට වෙඩි තැබු බවට පවසා තිබුනද එය සනාථ කර ගැනිමට නොහැකි වි ඇති අතර ඉන් පසුව අදාල කෝටිපති ව්‍යාපාරීකයාට අයත් වනාතවිල්ලුව නාගමඩුව ප්‍රදේශයෙ ඉඩමක් පරික්ෂා කිරීමේදි වන සතුන් දඩයම් කර ඇති බවට තහවුරු කර ගැනිමට වනජීවි නිළධාරීන් සමත්ව තිබුනී.
පසුව මෙම කෝටිපති ව්‍යාපාරියා පාපොච්චාරණය කරමින් පවසා ඇත්තේ තමන් මීමිණ්නන් හා හාවුන් දඩයම් කිරීම සිදු කරන බවයි.එසේ වෙඩි තබා මරා දමන හාවුන් හා මීමින්නන්ගේ ඡායාරූප මෙම කෝටිපති ව්‍යාපාරිකයාගෙ ජංගම දුරකථනයෙ තිබියදි සොයා ගැනිමට වන ජවි නිළධාරීන් සමත්ව තිබුනී.
ඒ සමග පිසු මීමින්නකුගෙ මස් ඇතුළු දෑ වනජීවි නිළධාරීන් අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුනී.
අදාල සාක්ෂි තහවුරු කර ගැනිමේන් පසුව කෝටිපති ව්‍යාපාරිකයා හා පුත්තලම සිවිල් ආරක්ෂක සභාපතිවරයා හා දඩයම් කිරීමට එක්වු අනෙක් සැකකරුවන් ඇතුළු පිරිස එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වු වනජීවි ඇප නියම කරමින් පුත්තලම අධිකරණයෙ ඉදිරි දිනකදි පෙනි සිටින ලෙස දන්වමින් ඇප මත නිදහස් කිරීමට කටයුතු කර තිබුනී.
අදාල සැකකරුවන් සමග අත් අඩංගුවට ගත් කැබ් රථය ඇතුළු දෑ නඩු භාණ්ඩ ලෙස වනජීවි නිළධාරීන් භාරයට ගෙන තිබුනී.
