දිගින් වැඩි ඡන්ද පත්‍රිකාව නිසා රජයේ මුද්‍රණාලයේ වැඩ වැඩි වෙලා
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට ආරම්භ වී ඇති අතර, අඟල් 26ක දිගින් යුතු ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදුවීමෙන් රජයේ මුද්‍රණාලයේ වැඩ දෙගුණ තෙගුණ වී ඇති බව 'අද' පුවත්පතට වාර්තා වේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා එක්කෝටි හැත්තෑ ලක්ෂයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නියමිත අතර, ලබන මස 06 වැනිදාට පෙර එම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කර මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය යුතු බව රජයේ මුද්‍රණාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු තරග කිරීමට ඉදිරිපත් වීමත් සමග ඒ සඳහා වන ඡන්ද පත්‍රිකාව අඟල් 26ක පමණ දිගකින් යුක්ත වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඒ අනුව රජයේ මුද්‍රණාලය සැලසුම් කළ ආකාරයට වඩා ඡන්ද පත්‍රිකාව දිගින් වැඩි වීම තුළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වන කාර්යයන් යළි සකස් කිරීමට සිදුව ඇති අතර, මේ වනවිට මුද්‍රණ කටයුතු සිදුකරමින් පවතියි.
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය අනිකුත් පත්‍රිකා සියල්ල මේ වනවිට මුද්‍රණය කරමින් පවතින බවත්, ඒවායේ කටයුතු 90%න් අවසන් බවත් රජයේ මුද්‍රණාලයේ ප්‍රකාශකයෙක් පවසා සිටියේය.
කෙසේවෙතත් ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවීම හේතුවෙන් ඒ සඳහා වන වියදමද දෙගුණ තෙගුණ වී ඇති බව රජයේ මුද්‍රණාලයේ ආරංචිමාර්ග සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන් එක්කෝටි පනස් නවලක්ෂ අනූදෙදහසක් සුදුසුකම් ලබා ඇත.

popular news
- 
                            
අදුරට එක පහනක් Monday, 14 October 2019 08:53 AM
දෙය්යෝ සාක්කි. දුප්පත් සැමගේ එකම පිළිසරණ වන නිදහස් අධ්‍යාපනය වලපල්ලට යැමම සැමවිට පතන, පාසල් අද්යාපනය මිනාශ වීමම තම හොද්ද බොර වීම උදෙසා සොයන මොවුන් හමුවේ දෙන දේශප්‍රේමී පොරොන්දු කවරක්ද? කෙනෙකු තර්ක කරයි මොවුන් නැතිනම් ළමයි ඉගෙනගෙන ඉවරයි බව. නමුත් රටකට අවශ්‍ය ප්‍රතිපත්ති. සැමට සදරණය ඉටුවන ප්‍රතිපත්ති. මොවුන් එක්තරා දුරකට විනාශ වන රටේ හා සමාජයේ ලේ උරබෝන්නාවූ කුදල්ලන් වැනිය. මමද මේ ලබා ඇති සාර්ථකත්වය සහ ආර්ථික හා සිතුවිලි නිදහස ලග කරගත්තේ අද්යාපනය තුලින් උවත් මේ දුෂිත tution කලාව කිසිදා අගය නොකරයි. මොවුන් බහුතරය ධර්ම විනාශකරමින්, දුශ්චරිත පෝෂණය කරමින් මෙය වියපර කරගෙන ඇත. (ළමා අපචාර සිද්දි) ගෝඨාභය මහතා ප්‍රතිපත්ති ඉදිරිපති තුල සබැ නිදහස් අද්යපනයේ තත්වයපෙනේ. මම පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ තිබිය යුතුයි යන මතයේ සිටින නමුත් මේ දුෂිත tution කලාව ප්‍රතික්ෂේප කරමි.
Reply : 0 0
අදුරට එක පහනක් Monday, 14 October 2019 09:00 AM
නිදහස් අද්යපනයේ තත්වයපෙනේ. මම පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ තිබිය යුතුයි යන මතයේ සිටින නමුත් මේ දුෂිත tution කලාව ප්‍රතික්ෂේප කරමි. බොරු පොරොන්දු මිස ප්‍රතිපත්ති නැති මේ ප්‍රදාන අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රතික්ෂේප කිරීමට කාලය පැමිණ ඇත. දිනන හෝ පරදුනහෝ අනිවාර්යයෙන්ම පවතින දේශපාලනය හා දේශපාලකයින් ප්‍රතික්ෂේප කර ප්‍රතිපති සහිත විකල්පය තෝරමි. අදුරට එක පහනක් කෝ දැල්වීම සදහා මෙවර ම පසුබට නොවෙමි. මේ ශුෂිත දරවේ ගොදුරක් වූ බහුතරයක් ජාතිබේදයෙන් තොර ව ශ්‍රී ලාංකිකයන් කෙරෙහි අනුකම්පා කරමි. තම විනාශය 70 වසරක් නිර්මාණය කල යක්ෂයම (පති දෙකම මොක අවත වෙනසක් නැත) තොර ගනී. පුද්ගල කේන්ද්‍රීය නොවූ (කිසිදා ඉටු නොවන) ප්‍රතිපත්ති හුවාදක්වමින් චන්දය පතන පාර්ශව අතරින් ආලෝකයක් සෙවීමට මෙවර මාලි නොවෙමු.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                