දකුණේ වෙඩි තැබීම් සාමාන්‍ය දෙයක් ලෙසත් උතුරේ වෙඩි තැබීම් යුද්ධයක් ලෙසත් අර්ථකතනය කිරීමේ දකුණේ දේශපාලනයක් ක්‍රියාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
‘කප්තුරු සවිය’ ජාතික වැඩසටහනට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“අපි දන්නවා දකුණේ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නිරන්තර උතුර ගැන කල්පනා කරන්නේ යුද්ධයක් පිළිබඳ අනියත බියක් නිරන්තරයෙන් ගොඩ නගමින්. කොළඹ නගරයේ ආයුධ අහු වෙනවා. වෙඩි තබා ගැනීම් ඉඳහිට සිදුවෙනවා. ඒත් ඒක සාමාන්‍ය තත්ත්වයක් ලෙස අර්ථකතනය කරනවා. උතුරේ එහෙම එකක් සිදු වූවොත් එය යුද්ධයක පෙර නිමිත්තක් කියලා අර්ථකතව කරන්න පටන් අරන්. ”