දකුණේ විභාගය අසමත් අයටත් ගුරු පත්වීම් දීලද?
දකුණු පළාත් සභාව විසින් ශ්‍රි ලංකා ගුරු සේවයේ 3වන පංතියේ 1 (අ) ශ්‍රේණියට උපාධිධාරි ගුරුවරු බදවා ගැනිමේ දි විභාගය සමත් ලේඛනයේ නම සදහන් නොවු, උපාධිධාරින් වෙත පත්විම් ලබා දි ඇති බැව් ජාතික විගණන කාර්යාලය විසින් දකුණු පළාත් සභාව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම ලකුණු ලබාගෙන තිබු අනුපිළිවෙළ අනුව අයදුම්කරුගේ තේරිම මත බදවාගැනිම සිදුකර නොතිබිම සහ ගැසට් නිවේදනයේ සදහන් විෂය සුදුසුකම් නොතිබු අයදුම්කරුවන් 12 දෙනෙකු හට පත්විම් ලබා දි තිබිම යන කරුණු විගණන පරික්ෂාවේ දි නිරික්ෂණය වු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මිට අමතරව ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරින් බදවා ගැනිම පිළිබද නිවේදනය කිරිමේ දි හදුනාගෙන තිබු පුරප්පාඩු සංඛ්‍යාව ඉක්මවා පත්විම් ලබා දි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. පුරප්පාඩු සදහා හදුනාගෙන තිබු ඇතැම් පාසල්වල පුරප්පාඩු සම්පුර්ණ වි නොතිබුණි. එමෙන්ම ගුරු සේවය සදහා උපාධිධාරින් බදවා ගැනිමේ දි ශ්‍රිලංකා ගුරුසේවා ව්‍යවස්ථාවෙහි 7,2,3,4 යන වගන්තිවලට පටහැනිව පාසල් පාදකව බදවා ගැනිම් සිදුනොකොට ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් බදවාගැනිම සිදුකිරිම හේතුවෙන් පරික්ෂවට ලක්කළ විෂයයන් හතරක ඉහළ ලකුණු ලබා සුදුසුකම් සපුරාගත් අයදුම්කරුවන් 94 දෙනෙකු හට පත්විම් ලබාදිම සදහා සලකා බැලිමක් සිදුකර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
බදවා ගැනිමේ නිවේදනයට අනුව කටයුතු කළයුතු බවටත් ශ්‍රිලංකා ගුරු සේවා ව්යවස්ථාවේහි විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබුණි. මේ පිළිබද දකුණු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.ආර් පතිරණ මහතාගෙන් අපකළ විමසුමකදි මෙසේ කිවේය.
විභාගය අසමත් කිසිදු උපාධිධාරියකුට පත්විම් ලබාදිලා නැහැ. ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශය තුල පවතින පුරප්පාඩු සංඛ්‍යාව, විභාගයට පෙනි ඉදලා අයදුම්කරුවන් ලකුණු ලබාගත් ආකාරය හා ඔවුන්ගේ දක්ෂතාවය මත තමයි සමත් අසමත් භාවය තිරණය වන්නේ. ඇතැම් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල එක් එක් විෂයයන් වලට අනුව සුදුසුකම් ලැබු අයදුම්කරුවන් නැති අවස්ථාවල එම අයදුම්කරුවන්ගේ කැමැත්ත මත යාබද කොට්ඨාශවල පිහිටි පාසල් සදහා පත්විම් ලබාදිලා තිබුනා
. උපාධියට අදාළව ඇතැම් විෂයන් සදහා පත්විම් ලබාදිලා තිබුණා. යම්කිසි අයදුම්කරුවකු වැඩි ලකුණු ලබාගෙන තිබුණත් ඔහු විසින් ඉල්ලුම් කරපු කොට්ඨාශයේ අදාළ විෂයට පුරප්පාඩු තිබුණේ නැත්නම් වෙනත් කොට්ඨාශ පිළිබද සලකා බලන්න බැහැ. ඉල්ලුම් කළ කොට්ඨාශයට පමණයි සලකා බලන්නේ.ගුරු පත්විම් ලබාදිමේ දි යම්කිසි පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට යම්කිසි අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා කියලා අපිට නිශ්චිතව සදහන් කළහොත් ඒ පිළිබද පරික්ෂාකරන්න පුළුවන් .මේ සදහා විගණනයට දිර්ඝ උත්තරයක් යවලා තියෙනවා. ගුරුපත්විම් නියමිත ක්‍රමවේදයකට අනුව ලබා දි ඇති බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

