දකුණේ තවත් වෙඩි තැබීමකින් කුලී රියදුරෙක් මරුට
ගාලු පාරේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිටදී ඊයේ(24)රෑ සිදුවූ වෙඩි තැබීමකින් ත්රීරෝද රථ රියදුරෙක් මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මරු මුවට පත්වී ඇත්තේ බලපිටිය රන්දොඹේ පදිංචි උජිත්සිරි ද සොයිසා නමැති පනස් අට හැවිරිදි තිදරු පියෙක් බවද පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තා අම්බලන්ගොඩ බස් නැවතුම් පොළ ත්රීරෝද රථ ගාලේ කුලී රියදුරෙක් බවත් ඔහු සිය ත්රීරෝද රථයෙන් අම්බලන්ගොඩ සිට නිවස පිහිටි රන්දොඹේ කරා යමින් සිටියදී මේ වෙඩි පහාරයට ලක්වී ඇති බවත් පොලීසිය කියයි.
නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් මේ පුද්ගලයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.ෙ
මිලි මීටර නවයේ උණඩ දැමිය හැකි ගිණි අවියකින් ඔහුට වෙඩි තබා ඇති බවත් ඔහුගේ සිරුරේ වෙඩි වැදී ඇති බවත් මේ වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය නොවූ බවත් ද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
