අම්බලන්තොට, කොග්ගලල ප්‍ර දේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මරණකරුගේ නිවසට පැමිණි නාඳුනන පුද්ගලයන් තිදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබේ. වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් නිවසට පැමිණ මරණකරුගේ පුතා පිළිබඳව සොයා බලා ඇති අතර එහිදි පාන්දර අවදිවී සිටි මරණකරුගේ මිණිපිරිය මෙම පුද්ගලයන් දැක බියවී කෑ ගසා තිබේ.
ඒ අනුව ඒ පිළිබඳව විපරම් කිරීම සඳහා විදුලි පන්දමක්ද රැගෙන පසුපස දොරින් එළියට පැමිණි විට මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය කියයි. සිදුවීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 62ක පුද්ගලයෙකි.