දකුණේ කළමනාකරණ සේවා නිලධාරීන් අද (22දා) ගාල්ලේ සංවිධානය කළ උද්ඝෝෂණය පොලීසිය- උද්ඝෝෂණකරුවන් අතර ඉතා උණුසුම් විය.කළමනාකරණ සේවා රාජකාරි වෙනත් සේවාවන්ට පැවරීම නතර කරන ලෙස ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් මෙම විරෝධය සංවිධානය කර තිබුණි.
කළමනාකරණ සේවා නිලධාරීන් අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තාකර ගාල්ල සමුද්‍ර මාවතේ සිට විරෝධතා පුවරු ප්‍රදර් ශනය කරමින් විවිධ සටන් පාඨ කියමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ගමන් කළහ. පසුව විරෝධතාකරුවන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් අවහිර කරමින් විරෝධතාවයේ නිරතව සිටියහ. පොලීසිය රථවාහන පාලනය කිරීමට ගත් උත්සාහයේ දී උණුසුම් තත්ත්වයන් ඇතිවිය.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්


