ලංකාවේ දෙවැනියට අපරාධ සිදුවන පළාත බවට දකුණු පළාත පත්ව ඇති බැවින් මෙකි අපරාධ වලට හේතුවන කරුණු සොයා බැලිම සදහා විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකිරිමට සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.
මෙම පර්යේෂණය රුහුණු විශ්වවිද්‍යාලය මගින් සිදුකරණ බවද හෙතෙම පවසයි.ඒ පිළිබද විශ්වවිද්‍යාලයේ බලධාරින් සමග සාකච්ඡාකොට ඇති බවත් මෙකි පර්යේෂණය මගින් අපරාධ ඇතිවිමට හේතු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරණ ලෙස දන්වා ඇති බවද ආණ්ඩුකාරවර බන්දු හරිස්චන්ද්‍ර මහතා පෙන්වාදෙයි.
මේ පිළිබද අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය.
"ලංකාවේ බස්නාහිර පළාත හැරුණුවිට දෙවැනියට වැඩිම අපරාධ සිදුවන්නේ දකුණු පළාත තුල. ආරක්ෂක කමිටුවේ දි අපි තින්දුවක් ගත්තා අපරාධ ඇතිවිමට හේතුවන සමාජිය ගැටළු සොයාබැලිම සදහා විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකරණවා.
අපරාධ ඇතිවිමට හේතුව මත්කුඩු ව්‍යාපාර සම්බන්ද ගැටළුද?.ඉඩම් හා කප්පම් ගැනිම ද යන්න පිළිබද සොයා බැලිය යුතුයි. පොලිසිය සතුව අපරාධ තොරතුරු, අපරාධවු ස්ථාන,අධිකරණයේ දඩුවම් ලබාදිම පිළිබද තාක්ෂණික තොරතුරු තියෙනවා. අපරාධ සිදුවන්නේ ඇයිද යන්න පිළිබද විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකළ යුතුව තිබෙනවා"
චන්දන සමරවික්‍රම