මෙරට ප්‍රධාන පෙළේ ආහාර සන්නාමයක් වූ රුහුණු ෆුඩ්ස් ආයතනයේ නිර්මාතෘ මෙන්ම සභාපති වූ පද්මසිරි මුතුමාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
දෙදරු පියෙකු වන මුතුමාල මහතා මිය යන විට 78 වැනි වියේ පසුවිය. හැත්තෑව දශකයේදී මහනුවර පුරවරයට පැමිණ ව්‍යාපාර ආරම්භ කොට එහි කෙළ පැමිණි දකුණේ ව්‍යාපාරිකයන් අතර පද්මසිරි මුතුමාල මහතා ද ඉදිරියෙන්ම විය.
ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (19) සවස 6.30ට මහයියාව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.
ෂේන් සෙනෙවිරත්න
