දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 760ක් දක්වා ඉහළට
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 432ක්, මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 266ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 62ක් දක්වා ඉහල ගොස් තිබේ.
කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ දකුණු පළාතෙන් ඊයේ (23) දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 47 දෙනකු වාර්තා වූ බවයි.
ඉන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 28කි. ඉන් 10 දෙනකු දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ද තවත් 10 දෙනකු වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ද වාර්තා වී ඇති අතර දෙවිනුවරින් 07ක් සහ හක්මන කොට්ඨාසයෙන් එක් ආසාදිතයකු වාර්තා වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 18කි. බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 07දෙනකු හා බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසනේ ආසාදිතයන් 05 දෙනකුද ඇල්පිටිය 03ක්, ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය, ඉඳුරුව හා රත්ගමින් එක් ආසාදිතයෙකු බැගින් ඔවුන් වාර්තා වී ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙකු අලුතින් වාර්තා වී තිබුණු අතර ඔහු තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුවී තිබිණි.
බූස්ස බන්ධනාගාරයෙන් ද අලුතින් එක් ආසාදිතයෙකු වාර්තා වී තිබේ.
සිරංගිකා ලොකුකරවිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
