දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් (18) වාර්තා වූ නව ආසාදිතයින් 60දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,807දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 992ක් දක්වා ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 617ක් දක්වා ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 198ක් දක්වා ද ඉහල ගොස් තිබේ.
ගතවූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32දෙනකු ද මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 03දෙනකු ද හම්බන්තොටින් ආසාදිතයන් 25දෙනකු ද අලුතින් වාර්තා වී ඇත. අගුණුකොලපැළැස්ස බන්ධනාගාරයෙන් ද අලුතින් ආසාදිතයන් 11දෙනකු වාර්තා වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් 32දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙනි. එම සංඛ්‍යාව 11කි. ඉඳුරුව බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 04 දෙනකු ද බලපිටිය, අක්මීමණ හා රත්ගමින් ආසාදිතයන් තිදෙනා බැගින් ද ඇල්පිටිය, හබරාදුව හා හික්කඩුව කොට්ඨාස වලින් ආසාදිතයන් දෙදෙනා බැගින් ද අම්බලන්ගොඩින් හා යක්කලමුල්ලෙන් එක් ආසාදිතයා බැගින් ද හමුවී තිබේ.
මාතර දිස්ත්‍රික්කයෙන් අළුතින් හමුවූ රෝගීන් තිදෙනා හක්මන, මුලටියන හා වැලිගම කොට්ඨාස වලින් වාර්තා වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට කොට්ඨාසයෙන් ආසාදිතයන් 15දෙනකු හමුවී තංගල්ලෙන් 04ක් ද වීරකැටියෙන් ආසාදිතයන් 03දෙනකු ද වලස්මුල්ල, කටුවන හා සූරියවැව කොට්ඨාස වලින් එක් ආසාදිතයා බැගින් ද හමුවී තිබේ.
දකුණු පළාතේ පවුල් 1,818ක පුද්ගලයෝ 4,536දෙනකු මේ වනවිට නිරෝධායනයට ලක්කර සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 879ක පුද්ගලයින් 1,954දෙනකු ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 519ක පුද්ගලයින් 1,796දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 420ක පුද්ගලයින් 786ක් ද නිරෝධායනයට යොමුකර තිබේ.
කොරෝනා රෝගීන් සොයාගැනීම සඳහා දකුණු පළාතේ මේ වනවිට පීසීආර් පරීක්ෂණ 74,088ක් සිදුකර ඇත. එයින් ගාල්ල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 34,573ක් ද මාතර පරීක්ෂණ 21,731ක් ද හම්බන්තොට පරීක්ෂණ 17,784ක් ද සිදුකර තිබේ.
දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 1143දෙනකු සුවය ලබා නිවෙස් වලට ගොස් සිටින බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. එම කාර්යාලයෙන් නිකුත් කර ඇති දත්ත වලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින්ගෙන් 639දෙනකු ද මාතරින් හමුවූ ආසාදිතයින්ගෙන් 388දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ 116දෙනකු ද සුවය ලබා ඇත.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට