දකුණු පළාත් සභා පාසල්වලට උපාධිධාරි ගුරුවරුන් 1417ක්
දකුණු පළාත් සභාවට අයත් පාසල්වල ගුරුවරුන්ගේ පුරප්පාඩු 2834ක් පවතින බවත් ඉන් . උපාධිධාරි ගුරුවරුන් 1417 දෙනෙකු බදවා ගැනිමට අනුමැතිය හිමිවි ඇති අතර එම ගුරුවරුන් ඉදිරියේ දි බදවා ගැනිමට නියමිතව ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.කේ.ආර්.පතිරණ මහතා පවසයි.
ගුරුවරුන් බදවා ගැනිමේ තරග විභාගය මෙම මස අවසානයේ පැවැත්විමට නියමිතව ඇති බව සදහන් කළ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා රාජ්‍ය සේවයේ සිටින උපාධිධාරින් සදහා වෙනම විභාගයක් සහ අනිකුත් උපාධිධාරින් සදහා විවෘත තරග විභාගයක් පැවැත්වෙන බවද හෙතෙම පවසයි. .
ගුරුවිභාගයෙන් සමත්වන අයගේ තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශය මගින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමුකිරිමෙන් පසු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සම්මුඛ පරික්ෂණ පවත්වා එම ගුරුවරුන් පාසල්වලට අනුයුක්ත කිරිමට කටයුතු කරණ බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි. අධ්‍යාපනවේදි උපාධිධාරින් තරගවිභාගයකින් තොරව සෘජුවම ගුරු වෘත්තියට බදවා ගන්නා බවද හෙතෙම පවසයි.
.අන්තර් පළාත් මාරුවිම්, විශ්රමගොස් ඇති ගුරුවරුන්ගේ මෙන්ම විෂයයන් අනුව පුරප්පාඩුවි ඇති ගුරුවරුන්ගේ තොරතුරු කළාප අධ්‍යක්ෂකවරුන් මගින් ලබාගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
