වි අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලය මගින් මේ වනවිට ගොවින් 158 දෙනෙකුගෙන් වි කිලෝ 328,200ක් මිලදිගෙන ඇති බැව් එම කාර්යාලයේ ප්‍රා දේශිය කළමණාකරු ඉන්දික උපේන්ද්‍ර මහතා පවසයි.
ගොවින්ගෙන් මිලදිගත් වි තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි, අනුතුන්ලක්ෂ,අසුහතරදහසක් (39,384,000) බවද ඉන්දික උපේන්ද්‍ර මහතා පෙන්වාදෙයි. ගොවින්ට පොලිසැක්මළු 6563ක් සදහා රුපියල් තුන්ලක්ෂ විසිඅටදහස් එකසියපනහක ( 328,150) මුදලක් ද ගෙවා ඇත. වි මිලදි ගැනිමේ මධ්‍යස්ථාන නමයකදි වි මිලදි ගැනිම සිදුකොට ඇත.
ගොවින් විසින් මේ වනවිට ලබා දි ඇත්තේ නාඩු වි පමණක් වන අතර නාඩු රතු වි කිලෝ 321 750ක් සහ නාඩු සුදුවි කිලෝ 6,450ක් මිලදිගෙන ඇත. මේවනතෙක් සම්බා වි සහ කිරි සම්බා වි ගොවින් විසින් වි අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලය වෙත ලබා දි නොතිබුණි.