දකුණු අප්‍රිකානු ජනපති කෙටි විවේකයට කටුනායකට
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා කෙටි විවේකයක් සඳහා අද (03දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.ඔහු සමග දූත පිරිස ලෙස තවත් එරට උසස් නිලධාරීන් අට දෙනෙකු ද පැමිණ සිටියහ.
මෙම පිරිස ජපානයේ යොකොහමා නුවර පසුගියදා නිමාවට පත්වූ ලෝක කුසලාන රග්බි අවසාන මහා තරගය නැරඹීමට ගොස් තිබුණි. එම තරගාවලියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම 2019 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්විය.
මෙම පිරිස දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද සවස 4.35 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණියහ.
මෙම පිරිස පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. ඉන්පසුව මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන සහ මෙම පිරිසට අවශ්‍ය ආහාර ලබා ගැනීමෙන් පසුව සවස 6.00 ට පමණ මෙම පිරිස යළිත් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය.
ටී.කේ.ජී. කපිල

popular news
-
Champa Sunday, 03 November 2019 06:14 PM
මෙයත් ආවේ අගමැතිගේ ආරාධනයෙන්ද බලන්න ඕනේ. ඉස්සෙල්ල ජනාධිපති කටුනායකට ඇවිත් ගියාට පස්සේ ලංකාවම scan කරන්න පුළුවන් "Spectrem" කියන දකුණු අප්‍රිකානු ගුවන් යානාවක් ආව. දැන් MCC ගිවිසුම ගැන ආපහු කතා කරන කරන වෙලාවේ දකුණු අප්‍රිකානු ජනාධිපති ආපු එක සැක සහිතයි.
Reply : 0 0
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:20 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

