දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්රදේශයේදී කඩවත දෙස සිට මාතර දෙසට ධාවනය වූ බිත්තර පැට වූ ලොරි රථයක් , එම දෙසටම ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැට වූ තවත් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී , එහි පිටුපස බඳෙහි වැදි, සිදු වූ මාරක රිය අනතුරින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ නොවූඩ් , ඉහළ නෝවුඩ් හි පදිංචි , පෙරුමාල් සුබාකරන් නමැති (29) හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය කියයි .
මෙම අනතුර 11 දා අළුයම 01:35 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29.7 කිලෝමීටර් කණුව පිහිටි දොඩංගොඩ පොලිස් වසම ප්රදේශයේ දී සිදුව ඇතැයි පැවසේ .
ලොරි රථ දෙකම කඩවත දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර එක් ලොරියක සිමෙන්ති ප්රවාහනය කරමින්ද , අනිත් ලොරියෙ බිත්තර ප්රවාහනය කරමින් සිට ඇති ඇතැයි පැවසේ.
එහිදී බිත්තර පැට වූ ලොරි රථය එක්වරම ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැට වූ ලොරි රථය ඉස්සර කිරීමට යාමේදී එහි පිටුපස බඳෙහි බිත්තර පැට වූ ලොරි රථය ගැටී මෙම මාරක රිය අනතුර සිදුව තිබුණි .
එම අවස්ථාවේදී ලොරි රථයේ ඉදිරිපස තිදෙනකු ගමන් ගමන් කර ඇති අතර අනතුරින් තිදෙනාම බරපතළ තුවාල ලබා නාගොඩ දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ලොරි රථයේ වම්පස දොර අසල රැඳී සිටී පුද්ගලයා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වනවිට නාගොඩ දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය
අනතුරින් සිමෙන්ති පැටවූ ලොරි රථයේ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධියෙන් පසුව කඩවත දෙස සිට මාතර දෙසට වාහන ධාවනය පැය කිහිපයකට එක් මංතීරුවකට පමණක් සීමා කිරීමට සිදුව තිබුණි .
සිද්ධිය සම්බන්ධයෙන් බිත්තර පැටව් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දොඩංගොඩ පොලිස් ස්ථානයට භාර දීමට නියමිතයි .
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න


