තොරාගත් භාණ්ඩ 1631ක් වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් නිදහස් කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවේ ජාත්‍යන්තර ක්‍රමවේදවලට අනුකූලවීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.
“අපනයන සහනාධාර යෝජනා ක්‍රමය යටතේ වන බද්ද, සෙස් බද්ද, තීරුබදු නොවන ආයනය මත පනවා ඇති වෙනත් බදු ක්‍රමානුකූලව ඉවත් සඳහා ජනාධිපතිතුමා අයවැය යෝජනා මගින් ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගෙන රජයේ ආදායමට සිදුවන බලපෑම තුලනය කිරීමට රේගු ආනයන බදු මගින් සිදුකිරීමට අපේක්ෂිත වෙනස් කම් සිදුකිරීමට වැඩපිළිවෙක් තිබෙනවා.
එහි මූලික පියවර වශයෙන් රජයට අවම ආදායමක් අහිමිවන පරිදි තෝරාගත් භාණ්ඩ 1631ක් වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්දෙන් නිදහස් කරනවා. මෙය පසුගිය කාලය හා සැසදීමේදී ඉතා විශාල භාණ්ඩ තොගයක් සමහර බදුවලින් නිදහස් කරනවා. ජාත්‍යන්තර ක්‍රමවේදවලට අනුකූලවීම සඳහා මෙය සිදුකරනවා. මෙම නියෝග පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා”