තෝඩුවාව පොලිස් වසමේ උතරු තෝඩුවාව මෝය ආසන්නයේ පුද්ගලයෙකුගේ නිරුවත් මෘත ශරීරයක් හමුවි ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට ලැබුණ තොරතුරක් අනුව මෙම මෘත ශරීරය සොයාගෙන තිබේ.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. අවුරුදු 35-40ත් පමණ උස අඩි 5 අඟල් 6ක් පමණ උස එක් අතක පච්ච 2 බැගින් පච්ච 4ක් කොටා ඇති බවද පොලීසිය කියයි.
මෘත ශරීරය මාරවිල රෝහලේ තැන්පත් කර ඇති අතර තෝඩුවාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.