තොණ්ඩමන් වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්
හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ මහ ලේකම් ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ගුණ සැමරුමට සමගාමීව විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම සමරු මුද්දරය සහ මුල් දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක කරු ජයසූරිය, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරු වෙත සහ ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ බිරිඳ වන රාජලක්ෂ්මි තොණ්ඩමන් මහත්මිය වෙතද සමරු මුද්දරය සහ මුල්දින කවරය පිළිගැන්වීම සිදු විය.

popular news
-
Demuni Uduwara Monday, 29 May 2023 11:16 PM
Elections campaign has already begun, on state account !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

