තොණ්ඩමන්ට ඇප
නුවරඑලිය පීඩ්රූ වතුයායට බලහත්කාරයෙන් ඇතුළු වී එහි පාලන අධිකාරියට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්රාත් අධිරණය මගින් නිකුත් කර තිබු නොතිසි අනුව අද (03) දින අධිකරණය වෙත ඉදිරිපත් වු ලංකා කම්කරු කොංග්රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාර කරුවන් 9 දෙනෙකු රු. පනස්දහස බැගින් වු පුද්ගල ඇප දෙකක් මත සැකකරුවන් මුදාහැර යලිත් මෙම නඩුව ජූනි මස (09) වන දින කැදවීමට නුවරඑළිය මහේස්ත්රාත් ලංකාංගනි ප්රබුද්ධිකා මෙනවිය අද (03) දින නියෝග කළහ.
සැකකරුවන් ඉකුත් වසරේ නුවරඑලිය පීඩ්රූ වතුයායට පිවිස එම වතුයායේ වතු අධිකාරිවරයා ඇතුළු පාලන අධිකාරි නිළධාරින් කිහිප දෙනෙකු තේ කර්මාන්ත ශාලාව තුල රදවාගෙන එම තේ කර්මාන්තශාලාවේ සේවකයින් පලවා හැර ඇති බව පවසමින් එම වතුයාය අයත් වතු සමාගම විසින් නුවරඑලිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත නුවරඑලිය පොලිසිය මගින් සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ කරණු වාර්ථා කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
