තේ වතු වල වගා නොකරන මුඩු ඉඩම් වතුකරයේ තරුණ තරුණියන්ට බෙදා දි වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියේ අද (07දා) තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේ පැවති වතුකම්කරු උද්ඝෝෂණයට සහභාගි වෙමිනි.
දමිල ප්‍රගිතිශිලි සන්ධානය විසින් සංවිධානය කර තිබු උද්ඝෝෂණය සහ පෙලපාලිය තලවකැලේ නගර මධ්‍යයේදි පැවති අතර , එම උද්ඝෝෂණයට සහයෝගය දක්වා තලවකැලේ නගරයේ වෙලදසැල් වසා දමා තිබුණි.
ඇතැම් වෙලදසැල් වල කළු කොඩි ප්‍රදර්ශනය කර තිබු අතර,වතු කම්කරුවන් නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කර පසුව පෙලපාලියකින් තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණය වෙත ගොස් එහිදි උද්ඝෝෂණය පැවැත්විණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට පියවර ගත යුතු බවයි.
ආණ්ඩු පක්ෂයේ සභාපතිවරයෙක් මැරකම ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය සිදු කරන තරුණ තරුණියන් ගැටුමකට ඈඳා ගැනිමට උත්සහ කරමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්රජාතන්ත්රවාදය අනුව සටන ජය ගැනිමට කටයුතු කරන බවයි.
මෙම උද්ඝෝෂණයට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සභාපති ප.ම මනෝ ගනේෂන් , නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් , පා.ම වි.රාධාක්‍රිෂ්ණන් , පා.ම එස්.උදයකුමාර් , පා.ම එස්.වේලුකුමාර් යන මහත්වරුන් සහභාගි වූහ.



