තේ පැළ ව්‍යාපෘතියෙන් රු. ලක්ෂ 976ක් වතුරේ
තේ පැළ මිලියන 25 විශේෂ ව්‍යාපෘතිය යටතේ ප්රතිලාභ ලබා දි තිබු තේ තවාන්කරුවන් 980 දෙනෙකු අතුරින් 535 දෙනෙකුම අක්‍රිය තවාන්කරුවන් විම හේතුවෙන් ඔවුන් වෙත නිකුත්කරණු ලැබු රුපියල් නමකෝටි, හැත්තෑහයලක්ෂ, හැත්තැතුන්දහස්, හයසියතිස්පහක් (97,673,635) වටිනා මුල්‍ය හා ද්‍රව්‍යමය ප්රතිලාභ නිෂ්කාර්ය වි ඇති බව අනාවරණය වි ඇත.
එමෙන්ම මෙකි ව්‍යාපෘතිය යටතේ රුපියල් දසකෝටි,අසුලක්ෂ,අසුඑක්දහස්තුන්සියයක පමණ (108,081,300_ මුල්‍ය හා ද්‍රව්‍යමය සහනාධාර ලබාදුන් ක්‍රියාකාරි හා අක්‍රිය තවාන්කරුවන් 581 දෙනෙකු විසින් එකම තේ පැළයක් සිටුවා හෝ ක්ෂේත්රයට නිකුත්කොට නොතිබුණි.
මෙකි ව්‍යාපෘතිය මගින් ක්ෂේත්රයට තේ පැළ දෙකෝටි, අසුඅටලක්ෂ,හැත්තැපන්දහසක් (28,875,000) නිකුත් කිරිමට සැලසුම්කොට තිබුණි.එහෙත් නිකුත්කොට තිබුණේ තේ පැළ පනස්හත්ලක්ෂ,හත්දහස්විසිඅටකි. (5,707,028) එය අපේක්ෂිත තේ පැළ ප්‍රමාණයෙන් සියයට විස්සකි.
ශ්‍රිලංකා තේ මණ්ඩලයේ මිලියන 250ක මුල්‍ය ප්‍රතිපාදන මත කුඩා තේවතු සංවර්ධන අධිකාරිය විසින් මෙකි ව්‍යාපෘතිය යටතේ 2020 හා 2021 වසරවලදි තවාන්කරුවන් සදහා ප්රතිලාභ ලබාදි තිබුණි. ප්රතිලාභ ලබා දි තිබු තාවාන්කරුවන්ගෙන් සියයට 54ක් 2025 වර්ෂය වනවිට අක්‍රිය තවාන්කරුවන් බවට පත්ව තිබුණි. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සම්බන්දයෙන් ජාතික විගණන කාර්යාලය මගින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

