තේ පැළ මිලියන 25 විශේෂ ව්‍යාපෘතිය යටතේ ද්‍රව්‍යමය හා මුල්‍ය ප්රතිලාභ ලබාදුන් තේ තවාන්කරුවන් 535 දෙනෙකු අක්‍රිය තවාන්කරුවන් බවට හදුනාගෙන තිබු අතර එම තවාන්කරුවන් වෙත ලබාදුන් රුපියල් නමකෝටි, හැත්තෑහයලක්ෂ, හැත්තෑතුන්දහස්, හයසියතිස්පහක (97,673,635) ද්‍රව්‍යමය හා මුල්‍ය ප්රතිලාභ නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
ශ්‍රිලංකා තේ මණ්ඩලයෙහි රුපියල් මිලියන 250ක මුල්‍ය ප්‍රතිපාදන මත මෙකි ව්‍යාපෘතිය ආරම්භකරණු ලැබිය. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රා දේශිය කාර්යාල මගින් 2020 හා 2021 යන වර්ෂයන් තුල තවාන්කරුවන් 980 දෙනෙකු වෙත මුල්‍ය හා ද්‍රව්‍යමය ප්රතිලාභ ලබාදි තිබුණි. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රා දේශිය කාර්යාල විසින් යාවත්කාලින කරණු ලැබු දත්ත හා තොරතුරු අනුව 2025 ජුනි මස 30 දිනට අක්‍රිය තවාන්කරුවන් 535 දෙනෙකු සිටින බවට හදුනාගෙන තිබුණි. එය ප්රතිලාභ ලබාදුන් තුවාන්කරුවන්ගෙන් සියයට 54කි.
අක්‍රිය තවාන්කරුවන් වෙත තාක්ෂණික උපදෙස් ලබා දි නැවත ක්‍රියාකාරි තවාන් බවට පත්කරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. එසේ ක්‍රියාත්මක නොවන තවාන්කරුවන්ගෙන් මුදල් හා ද්‍රව්‍යමය ප්රතිලාභ අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
අක්‍රිය තාවාන්කරුවන් සදහා දරණු ලැබු වියදම් වෙන් වෙන්ව හදුනා ගැනිමටත් ඒ අනුව එම තවාන්කරුවන්ගෙන් අදාළ මුදල් අයකරගැනිමට කටයුතු කරණ බවට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් විගණනයට සදහන් කොට ඇත. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්කොට ඇත.
ලලිත් චාමින්ද