තේ දල්ලට වාර්තා ගත මිලක්
තේ ඉතිහාසයේ තේ දල්ලකට ගෙවනු ලබන ඉහලම මිල මේ දිනවල ගෙවනු ලබන බව දෙස් විදෙස් පතල තේ කර්මාන්ත ශාලාවක් වන පිටිගල අතුකෝරළ තේ සමාගම කියයි.
වෙනදා රුපියල් 200යට පහලින් තිබූ තේ දලු කිලෝග්රෑමයකට මේ දිනවල සිය සමාගම රුපියල් 277.71ක් ගෙවනු ලබන බව පිටිගල අතුකෝරල තේ සමාගමේ වත්මන් සභාපති අනුර තිලක් අතුකෝරළ මහතා කියයි.
ඉතිහාසයේ මින් පෙර මෙවැනි ඉහල මිලක් තේ දල්ලට නොගෙවූ බව අනුර අතුකෝරළ මහතා කීය.
දැනට තේ දලු කිලෝග්රෑමයකට ගෙවනු ලබන රුපියල් 277.71මිල රුපියල් 300දක්වා ඉහලයාමේ ප්රවණතාවක් ඇති බවද අනුර අතුකෝරළ මහතා පැවසීය.
සිය සමාගමට තේ දලු සපයන තුන් දහසකට පම්ණ තේ දල්ලේ මිල ඉහලයාමෙන් සෙත අත්වී තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ පිටිගල ඩි.ජේ.විජේසිංහ)
popular news
-
Demuni Uduwara Sunday, 07 August 2022 07:41 PM
A Motivation incentive!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

