මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහර අද (25) වීදි සංචාරය කිරීමට නියමිතය. ශ්‍රී දළදා මාලිගාව අබියසින් රාත්‍රී 6.53ට පිටත්වන පෙරහර දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, කුමාර වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.