තෙවැනි පාර්ශ්වයන්ගෙන් පෙට්‍රෝලියම් නිශ්පාදන මිලදි නොගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ ඉන්ධන එක්රැස්කර ගන්නා පුද්ගලයින් ඒවා වෙනත් ද්‍රව සමග මිශ්‍රණය කර අලෙවි කරන බවට මේ වන විට විමර්ශනවලදී හෙළිව ඇති බවයි.
එවැනි ක්‍රියා අධෛර්මයත් කරන ලෙසත් ඒ පිළිබඳව තොරතුරු වගකිය යුතු අංශ වෙත ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
