සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමගින් පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු හයක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට නවසිලන්තය සමත්විය.
ශ්රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 158ක ඉලක්කය පන්දුවාර 32.5කදී කඩුලු 4ක් පමණක් වැයකර පසුකර යාමට නවසිලන්තය සමත්විය.