ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් ඉකුත් වර්ෂයේ දි (2025) රුපියල් බිලියන 36.4ක ලාභයක් වාර්තාකොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික ආර්ථික විවිරණ වාර්තාවේ සදහන් වේ.
එම වාර්තාවට අනුව 2024 වර්ෂයේ දි ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් රුපියල් බිලියන 34.2ක ලාභයක් වාර්තාකරණු ලැබිය. ඛනිජතෙල් නිතිගත සංස්ථාවට ශක්තිමත් මුල්‍ය කාර්යසාධනයක් පවත්වා ගැනිම සදහා පිරිවැය පිළිබිඹු කෙරෙණ මිලකරණ යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක මේ සදහා හේතුවි තිබුණි.
කෙසේවුවද ඉකුත් වර්ෂය අවසානයේ දි ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ නොපියවු විදේශවිනිමය ණය සහ ආනයන බිල්පත් ඇමරිකානු ඩොලර් මිලියන 252ක් බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ. එමෙන්ම ඉකුත් වර්ෂයේ දි ඛනිජතෙල් අංශයේ නිෂ්පාදනවල විකුණුම් පරිමාව පෙර වසරට සාපේක්ෂව සියයට 7.4 වර්ධනයක් වාර්තාකොට තිබුණි.