ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින වෘත්තීය සමිති හතරක නායකයන් වෙත සංස්ථාව මගින් ලබාදී තිබූ වාහන හතරක් යළි පවරා ගැනීමට කටයුතු කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ඇතැම් වාහන සඳහා අසීමිතව ඉන්ධන ලබාදීමටද කටයුතු කර තිබූ බවයි.
තෙල් සංස්ථාවේ මේ දිනවල පවතින වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා මෙයද හේතුවක් වී ඇති බව ඔහු පැවැසීය.
එසේම සාමූහික ගිවිසුම්වලින් ඉවත්ව කාර්ය සාධනය මත ගෙවීම් කරන ක්‍රමවේදයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් යන බවත් ඔහු පැවැසීය.