ඉන්ධන මිළ ඉහල දැමීමේ වගකීම රජයක් හැටියට භාර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (13දා) කරන්දෙණියේ පැවති ජන හමුවකදී කිවේය.
එහිදී තවදුරටත් කථා කළ රමේෂ් පතිරණ මහතා මෙසේ ද කිය.
“මේ අපි හැමෝම බැනුම් අහන යුගයක්. ආණ්ඩුවේ අපිත් අපිව පත් කිරීමට ඡන්දය දුන් ජනතාවත් අද බැනුම් අහනවා. මේ දුෂ්කර අවස්ථාව පහව යන්නට තවත් කාලයක් ගතවේවි. අපි ඒ සඳහා සැලසුම් සකස් කරමිනුයි ඉන්නේ.
අපි බලයට පත් වෙලා කිසිදු විදෙස් සංචාරයක් ගිහිල්ලා නැහැ. නිල නිවාස වගේ වරප්‍රසාද අරගෙනත් නැහැ. අද රටට මේ තත්ත්වය අත්වුණේ නිසි මුල්‍ය කළමනාකරණයක් එදා සිට නොතිබුණු නිසයි.
මේ දුෂ්කර කාලය ජය ගන්න නම් අපි එකා වගේ එකට එක්විය යුතුයි. අරයට බැන බැන මෙයාට බැන බැන ඉදලා වැඩක් නැහැ. අපි සෑමදෙනාම ඒ සඳහා පෙරමුණ ගත යුතයි. අපේ වගකීම කරට අරගෙන වැඩ කළ යුතුයි.
නිෂ්පාදනය වැඩි කරලා ආදායම් මාර්ග වැඩි කරගත යුතුමයි. ආර්ථික කළමනාකරණය මනා ලෙස පවත්වාගෙන යායුතුයි. ජනතාව පෝලිම් වල සිටුවීමට සිදුවීම ගැන ඇත්තටම කනගාටුවෙනවා. මේ තත්ත්වය ඉදිරියේදී නැති කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා”
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත