මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (ජූලි 15) තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක් 1.2%කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 85.72ක් ලෙස සටහන් වූ අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් WTI බොරතෙල් බැරලයක් 0.8%කින් ඉහළ ගොස් ඩොලර් 79.98ක් දක්වා ඉහළ ගොස් ඇත.
ලෝකයේ සමස්ත තෙල් සහ ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) ප්‍රවාහනයෙන් පහෙන් එකක් පමණ සිදු කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව සිදුවන ප්‍රහාර හේතුවෙන් සැපයුමට බාධා එල්ල වීම නිසා මෙසේ තෙල් මිළ යළිත් ඉහළ යමින් පවතී.