යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ඉදිරියට යමින් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් පසුව මෙන්ම ඉරානයද "සතුරු නොවන" යාත්‍රාවලට හෝර්මුස් සමුද්‍ර සන්ධියේ තීරණාත්මක නැව් මාර්ගය භාවිතා කළ හැකි බව පැවැසීමෙන් පසුව ලෝක වෙළඳපොළ තුළ තෙල් මිල පහත වැටී තිබේ.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයකට 5% කින් පමළ පහළ ගොස් ඩොලර් 99.29 (£74.16) දක්වා පහත වැටුණු අතර, එක්සත් ජනපදය වෙළඳාම් කරන තෙල් 5.5% ට වඩා අඩු වී ඩොලර් 88.41 දක්වා පහත වැටුණි.
යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා "දැන්" සිදුවෙමින් පවතින බව ට්‍රම්ප් අඟහරුවාදා පැවසීය. කෙසේ වෙතත් ඉරානය සාකච්ඡා ප්‍රතික්ෂේප කළේය.
ටෙහෙරාන් නිලධාරීන් එවැනි සාකච්ඡා පිළිබඳ ප්‍රකාශ "ව්‍යාජ ප්රවෘත්ති" ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු අඟහරුවාදා රාත්‍රියේ පැවසුවේ "කිසිවෙකුට එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකභාවය විශ්වාස කළ නොහැකි" බවයි.