නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසය හරහා මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබාදෙන්නේ සාමාන්‍ය මිල ගණන් යටතේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවැසීය.
මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම මේ වන විට මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ඉන්ධන පොලිමක සිටීමට තබා ඉන්ධන පෝලිමක් අසළින් ගමන් කිරිමටත් බැරි තත්ත්වයක් ඇතැයි ඔහු පැවැසීය.
එසේම මිලේච්ච ලෙස ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා වග කිව යුතු බවත් ඔහු පැවැසීය.
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මිලේච්ඡ ලෙස ඝාතනය කළා. පාර්ලිමේන්තුවේ හිටපු අහිංසක මන්ත්‍රීවරයෙක්. මන්ත්‍රීවරයාගේ ඝානයට වග කියන්න ඕන මේ 225ක් වන බූරු රැල. පාර්ලිමේන්තුවේ පසුගිය මාස දෙක තුළ වෛරය වැපුරුවා. මම කිව්වේ මහෙම ගියොත් හෝල්සේල් එකේ ගුටිකන්න වෙනවා කියලා.
අපි රුපියලක්වත් හොරකම් නොකරපු මිනිස්සු දැන් පණ බයේ ජීවත්වෙනවා. අද ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇදගෙන ඉන්න ඇඳුමක් නෑ. මේ පාර්ලිමේන්තුව රැසවෙන වාරයක් පාසා වෛරය වැඩවෙනවා. මේ තෙල් පිළිබඳ ප්රශ්නය. අපි මාතර දිස්ත්‍රික්කයේ එහා කෙළවරේ ඉදලා එන්නේ පැය ගාණක් පෝලිමේ ඉදලා තෙල් ගහගෙන.
කොළඹින් ආයෙත් යනකොට තෙල් ගහන්න තැනක් නෑ. ඊයේ පැය හතරක් මාදිවෙල සෙඩ් එකේ පෝලිමේ ඉදලා තමයි මගේ රියදුරු තෙල් ගහ ගත්තේ. පැය හතරක්. අද තෙල් පෝලිමක් ළගින් තෙල් ගහන්න නෙමෙයි මේ 225 එකෙකුටවත් යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.මරුම් කන්න වෙනවා. මිනිස්සු එච්චර වෛරයකින් ඉන්නේ.
නාරාහේන්පිට ෂෙඩ් එකේ පොම්පේ මිල යාවත්කාලීන කළේ නෑ. දිගට දිගට මේක ගහනවා. කරුණු හොයන්නේ නැතිව මේක ගැන කතා කරලා. සමාජයේ වෛරය වපුරවලා මේ 225ටම මැරුම් කන්නත් අපේ පරම් පරාවටම මරුම් කන්නද හදන්නේ. ඇඟේ තරමට මොලයක් තියෙනවානම් මේකට දායක වෙන්න එපා. “
මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා - දැන් මෙතන බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා කිව්වා අපිට රුපියල් 121ට තෙල් හම්බවෙනවා කියලා. මේ පාර්ලිමේන්තුවේ 224කට රුපියල් 121ට තෙල් ලැබුණේ නෑ. එතුමා ගන්න ඇති. එතුමා ගත්ත වරප්‍රසාදය ගැන අපිට කියන්න එපා. අපි කවුරුත් මහජනයාට දෙන මුදලටම තමයි තෙල් ගහගෙන තියෙන්නේ. කරුණාකර වැරදි පුවත් මවන්න එපා. බාල දේශපාලන උවමනාව වෙනුවෙන් මිනිස් ජීවිත බිල්ලට දෙන්න එපා.
