හෙම්මාතගම සමූපකාර ඉන්ධන පිරවුම් හලේ ඩීසල් පෝලිමේ සිටියදි පෞද්ගලික බස් රථයක් ඉන්ධන ටැංකියේ තිබුණු තෙල් බූලි කිහිපයකට පුරවමින් සිටින අන්දම අද (26දා) දැක ගත හැකි විය.
දැනට මාසයක් පමණ හෙම්මාතගම ඉන්ධන පිරවුම් හල් වලට ඩීසල් නොතිබුණු අතර අද (26දා) අලුයම එම පිරවුම් හල් වලට තෙල් ලැබුණි. ඒ බව දැන ගත් අරණායක ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් හෙම්මාතගම ඩීසල් පොලිමට පැමිණ ක්‍රමයෙන් ඉන්ධන පිරවුම් හල අසලදී බසයේ ටැංකිය හිස් කර ගැනීමට එහි ඇති ඩීසල් බූලි කිහිපයකට පුරවන අයුරු දැක ගත හැකි විය.
ඉන්ධන කොතරම් පිරවුම් හල් වලට ලැබුණත් පිරිසක් ඒවා වැඩි මිලට අලෙවි කිරිමේ අරමුණින් වෙළෙඳාමට තෙල් මෙලෙස එකතු කරයි. අප මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම් හලේ සිටි හෙම්මාතගම පොලිස් නිලධාරීන් දැනුවත් කර ක්‍රියා සිටියේ ඔවුන්ට මේ කරන වැරද්ද ගැන අවවාදයක් කරන ලෙයසි. නමුත් ඔවුන් පැවසුයේ එය එසේ සිදු කළ නොහැකි බවයි.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ හෙම්මාතගම ඉන්ධන පිරවුම් හල් වල ඇති වු ගැටුම්කාරි උණුසුම් තත්වය නිසාම අද දින සිට යුද හමුදාව පිරවුම්හල් වල ආරක්ෂාවට යොදා ඇත.
මාධ්‍යවේදියා එම ස්ථානයේ ඡායාරූප ගන්නා අවස්ථාවේ පොලිස් නිලධාරීයෙක් එම ස්ථානයෙන් ගමන් කරන අයුරු ද දැක ගත හැකි විය.


