ශ්‍රී ලංකාවට අවශ්‍ය තෙල් ලබාදීමට රටවල් තුනකින් තමන්ට සහාය දෙන බවට විපක්ෂනායකවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණ බවත් ඒ අනුව එම රටවල් තුනෙන් සහාය ලබාගෙන ශ්‍රී ලංකාවට අවශ්‍ය තෙල් ගෙන්වා දෙන ලෙස තමන් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිිටින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ අවශ්‍ය නම් තෙල් ආනයනය කිරිමේ කමිටුව සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් හෝ එක්කිරීමට තමන් කටයුතු කරන බවයි.
බඩඉරිගු හරහා රුපියල් 85ට පෙට්‍රල් ලබාදිය හැකි පුද්ගලයෙක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කථා බහට ලක්වූ බවත් එම වැඩපිළිවෙළ සඳහා එක්වන ලෙසට ඔහුට ආරාධනා කළත් සාකච්ඡාවක් හෝ ලබාදීමට ඔහු ඉදිරිපත්ව නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.