තෙල් මිලදී ගැනීම වෙනුවෙන් රුසියාව සමග සාකච්ඡා කර ඇති නමුත් රුසියාවෙන් තවමත් ප්‍රතිචාර නොමැති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
ජනපතිවරයා පෞද්ගලිකවත් මේ පිළිබඳව කථා කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. රුසියාවද ඇතුළුව වෙනත් ඕනෑම රටකින් අඩුමිලට ඉන්ධන ලබාගැනීමට අවස්ථාව ඇත්නම් ඒ වෙනුවෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.