ගිරාදුරුකෝට්ට බෙලගන්වැව තෙල්දෙණියාය රක්ෂිතයේ නිධන්වස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් සිදුකළ බවට සැකපිට චිවරධාරියෙකු ඇතුළු සැකකරුවන් 7 දෙනෙක් ඊයේ (6දා) අත්අඩංගුවට ගත්බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .
එම ස්ථානයේ තිබී බිත්තර, පහන්, කපුරු, පූජා භාණ්ඩ , තාච්චි සවල් කැනීම් උපකරණද අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළේය
ගිරාදුරුකෝට්ට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදේශ් චතුරංග මහතාට ලැබුණ තොරතුරක් මත ඔහුගේ මෙහෙයවීම යටතේ ගිරාදුරුකෝට්ට පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා පැවසීය .
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඇල්පිටිය ප්‍රදේශයේ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන 57 හැවිරිදි චීවර ධාරියෙක් කොස්ගම පදිංචි 32 හැවිරිදි සැකකරුවෙක් හා ගිරාදුරුකෝට්ට පදිංචි අවු. 55, 42, 44, 33, 37 යන වයස් කාණ්ඩ වලට අයත් පුද්ගලයන් 5 දෙනෙක් සිටින බවද පොලිසිය සඳහන්කළේය .
සැකකරුවන් මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධගාර ගත කර තිබේ .බදුල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත වෙදමුල්ල මහතාගේ උපදෙස් මත ගිරාදුරුකෝට්ට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .
බදුල්ලේ පාලිත ආරියවංශ

