තෙදිනක් තුළ වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 844ක් මිල දී ගනී
ගොවි ජනතාව විසින් මහත් අසීරුතා මැද වගා කරන ලද යල කන්නයේ වී අස්වැන්න ඇතැම් හාල් මෝල්කරුවන් විසින් අඩු මිලකට මිල දී ගැනීම නිසා ගොවි ජනතාව මහත් අසීරුතාවයට පත්ව සිටියහ. එමනිසා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම ආරම්භ කරනු ලැබීය.
දැනට වෙළෙඳපළෙහි වී කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 80-90 දක්වා පහත බැස තිබේ.
එමනිසා ගොවි ජනතාවගේ වී අවම මිලක් යටතේ මිල දී ගැනීමට පියවර ගත් අතර ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130ක් වශයෙන් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කරනු ලැබීය.
මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනු අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව රජය විසින් වී මිල දී ගැනීමේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 2000ක් ලබා දීමට එකඟත්වය පළ කළේය.
ඒ අනුව පසුගිය දින තුන තුළ වී කිලෝ ග්‍රෑම් 844,960ක් හෙවත් වී මෙට්‍රික් ටොන් 844ක් මිල දී ගැනීමට හැකි වූ බව එම මණ්ඩලයේ සභාපති නීල් අල්විස් මහතා පවසයි.
ඊයේ (20) දිනය තුළ මිල දී ගෙන තිබෙන වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 303කි. දැනට වී අස්වනු නෙළා අවසන් වූ හා දැනට අස්වනු නෙළමින් පවතින දිස්ත්‍රික්කවල වී ගබඩා 73ක් වී මිල දී ගැනීමට අද දිනත් විවෘතව පවතී.
වී මිල දී ගැනීමේ කටයුතු රජයේ අවම මිලට අඛණ්ඩව සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.
popular news
-
Dayan Sunday, 21 August 2022 08:26 AM
For how many days it is sufficient?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

