තුසිත හල්ලොලුව මහතාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
මෙම වෙඩි තැබීම ඊයේ සිදුව තිබුණි. වෙඩි තැබීමෙන් තුසිත හල්ලොලුව මහතාට ඔහුගේ වාහනයේ ගමන් කළ අනෙක් පුද්ගලයාට තුවාල සිදුවීමක් සිදුව නොතිබුණි. කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් අනතුරුව යතුරු පැදියකින් පැමිණ සිටි පුද්ගලයන් දෙදෙනා තුසිත හල්ලොලුව මහතාට හා ජීප් රියේ සිටි අනෙක් පුද්ගලයාට පහරදුන් බව සඳහන් කරමින් ඔවුන් දෙදෙනා රෝහල් ගතව තිබේ.
එසේම පහරදීමෙන් අනතුරුව තමන් සන්තකයේ තිබූ ලිපි ගොනුවක් ඔවුන් විසින් රැගෙන ගිය බව තුසිත හල්ලොලුව මහතා පොලීසියට ප්‍රකාශ කර තිබේ.