ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත් ලහිරු සිල්වා මහතා අද (13දා) වරෙන්තු නිකුත් කරනු ලැබිණ.
සිය වාහනයට වෙඩි තබා ගැනීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔහු පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.