බන්ධනාගාරය අධිරාජ්‍යයක් කරගෙන ඇති සැකකාර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා බන්ධනාගාරය තුළ රජ්ජුරුවන් වි නඩු අසා හිමින්සැරේ සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද (11) දැනුම් දුන්නාය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ගැන පමණක් නොව බන්ධනාගාර 28ක අධිකාරිවරුන් පිළිබඳවද විමර්ශනය කරන බවද දීලීප පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් අනුරාධපුරය බන්ධනාගාරයේ එක් සිරකරුවෙකු නොව සිරකරුවන් තිදෙනෙකු නිදහස් කර ඇති බව පෙරේදා අනාවරණය වූ බවද පැවසීය.
සැකකරු අනිසි බලයක් හදාගෙන, වෙනම රාජ්‍යයක් ගොඩනගා, සර්ව බලධාරීන් වෙලා, අධිකරණ වලින් දඬුවම් ලබා දෙන පුද්ගලයින්ට සමාව දීමේ ක්‍රියා පිළිවෙත තුළ පසුගිය පොහොය දිනයේදී මෙම අනිතික ක්‍රියාවලිය සිදු කළ ඇති බවද, මෙය දැවැන්ත වංචනික ක්‍රියාවලියක් බැවින්. ,බූවල්ලෙක් වගේ පැතිරිලා තියෙන මේ ක්‍රියාවලිය නතර කිරීමට ප්රයත්න දරන මේ මොහොතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.
වැඩතහනමට ලක්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.
පසුගිය වෙසක් පුන් පොහෝ දිනයේදී ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 388 දෙනෙකුට නිදහස ලබා දුන් අතර අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු වන විජයකෝන් මුදියාන්සේලාගේ අතුල තිලකරත්න නමැතත්තාට අනීතිකව නිදහස දීම සම්බන්ධයෙන් විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේ 2024 නත්තල් දිනයේ ,හා පසුගිය පෙබරවාරි 04 නිදහස් දිනයේදී මෙලෙස අනීතිකව සැකකරුවන් 68 දෙනකු නිදහස් කර ඇති බවය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් සැකකරු විසින් ඉදිරිපත් කර ඇති අසත්‍ය ලේඛන කුමක්දැයි බී වාර්තාවේ නිසි පරිදි සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවය. බී වාර්තාවේ සඳහන් වන අන්දමට සත්‍ය ලේඛන කුමක්දැයි අසත්‍ය ලේඛන කුමක්දැයි යන්න පිළිබඳව සාක්ෂි ඉදිරිපත් වන නොමැති බවත් බී වාර්තාවේ සඳහන් වන අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හා අතිරේක ලේකම්වරයකු වන ගාමිණී දිසානායක යන අයගේ සාක්ෂි සම්පින්ඩන වාර්තාව අනුව නිසි කරුණක් අධිකරණයට ඉදිරිපත් වී නොමැති බවය. ඒ අනුව ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකරුට ඇප ප්‍රධානය කරන ලෙසද ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඇප දීම ප්‍රතික්ෂේප කරමින් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඇප සම්බන්ධයෙන් වන නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කළාය.
සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් වන දර්ශන කුරුප්පු, ලක්ෂ්මන් පෙරේරා, ප්‍රමුදිත සෙනෙවිරත්න මිළිඳු සරත්චන්ද්‍ර, ධනුෂ්ක දිසානායක, කවිඳු ඉන්ද්‍රතිස්ස නලින් සමරකෝන්, මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.