වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා යළිත්එළැඹෙන ජූලි 9 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (25දා) නියෝග කළේය.
ජනාධිපති සමාව මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.