තුර්කියේ විදේශ අමාත්‍ය මෙව්ලට් කැව්යුස්ග්ලූ මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (28දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඔහු සමග මෙම සංචාරය සඳහා එරට රාජ්‍ය දූත පිරිස ලෙස 13 දෙනෙකු ද පැමිණ සිටියහ. මෙම පිරිස තුර්කියට අයත් විශේෂ ගුවන් යානයකින්අද අලුයම 06.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.
තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස, ශ්‍රී ලංකාවේ එක් දින සංචාරය නිමා කර අද පස්වරු 03.15 ට ඔවුන් පැමිණි තුර්කියට අයත් විශේෂ ගුවන් යානයෙන්ම ආපසු කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිතය.
