නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසිමට තවත් පැය කිහිපයක් ඉතිරිව තිබියදී දේශපාලන ක්ෂේත්රය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
එම ඡන්ද විමසීමේදී ඒ ඒ අපේක්ෂකයන්ට සහාය ලබා ගැනීම පිළිබඳව දේශපාලන පක්ෂ අතර අදහස් හුවමාරුවීමක් පැවැත්වෙමින් තිබෙන අතර මේ වන විට අපේක්ෂකයන් ලෙස නම්කර ඇති පෞද්ගලිකවම මන්ත්‍රීවරුන් හමුවී සාකච්ඡා පවත්වමින් තිබේ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 9 සාමාජිකයන් අතර සාකච්ඡාවක්ද පවත්වා ඇති එහිදී සජිත් ප්‍රේමදාස මහතා තමන්ට සහාය ලබාදෙන ලෙස එම පක්ෂ නායකන්ගෙන් ඉල්ලා තිබේ.
මේ අතර උතුරු, නැගෙනහිර, වයඹ, උතුරු මැද පක්ෂවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා වැඩබලන ජනපතිවරයා අතර හමුවක් අද පස්වරුවේ පවත්වා තිබේ. මෙම සාකච්ඡාව සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව තිබේ.