නුවර එළිය මැතිවරණ බල ප්‍රදේශයේ පාක්ෂිකයන් දැනුවත් කිරීම සඳහා සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීම නුවරඑළිය ආසනයේ සම ආසන සංවිධායක අශෝක සේපාල මහතා අදහස් දැක්වීමත් සමගින් උණුසුම් විය .
සමගි ජන බලවේගය නුවරඑළිය ඡන්ද බල ප්‍රදේශයේ පාක්ෂිකයන් දැනුවත් කිරීම සඳහා පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සියලුම මැතිවරණ කොට්ඨාසවල ක්‍රියාත්මක කරනු ලබන ජන පවුර වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන (13) සවස නුවරඑළිය සමුපකාර නිවාඩු නිකේතනයේදිපැවැත්වීමට කටයුතු කර තිබිණ.
මෙහිදී ජාතික සංවිධායකවරයා විසින් ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව පාක්ෂිකයන් දැනුවත් කිරීමෙන් අනතුරුව යෝජනා හා අදහස්වාරය සඳහා සභාවට ආරාධනා කිරීමෙන් පසුව එහිදී ආවේගශීලීව අදහස් දක්වමින් නුවරඑළිය ආසන්යේ සම සංවිධායක අශෝක සේපාල මහතා කියා සිටියේ පක්ෂයට දරදිය අදින ආසන සංවිධායකවරුන්ට අවශ්‍ය විදිහට නාම යෝජනා පත්‍රයක් වත් සකස් කර ගැනීමට වර්තමානය වන විට අවස්ථාව නොලැබී තිබෙන බවයි.
වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ අපට ඕන විදිහට ඕනේ විදියට මැතිවරණයට අපි එකෙක්වත් ඉදිරිපත් කර ගන්න බැහැ අපිත් එක්ක එකතුවෙලා ඉන්න අනිත් පක්ෂ වලට ඕන විදිහට තමයි හැම දේම වෙන්නේ ,
පක්ෂයේ ඇතැම් වැඩ ඉතාම මන්දගාමී උදාහරණයක් ලෙස කියනවා නම් පක්ෂයේ නාම යෝජනා භාර දෙන්න එපැයි කියලා තියෙද්දි අතර දෙකට තමයි නාම යෝජනා අත්සන් කරන්නේ.
නම් යෝජනා අත්සන් කරන්න යන මොහොතේ දී නම් අයින් කරල මේ නම දාන්න කියලා බලපෑම් එනවා. කොහොම හරි නාම යෝජනා පත්‍රයක් පුරවල ඉවර වෙනකොට ටිෆෙක්ස්බෝතල් දෙකක් විතර ඉවරයි මොකද නම් වෙනස් කරලා.
එහෙම කප කපා වෙනස්කරලා කොහොමහරි පුරවල නාමයෝජනා නාම යෝජනා පත්‍ර භාර දෙන කොට මොකක් හරි වුනා නම් ඒකෙ පසු විපාකත් පහල වන්නේ අපේ ඔලුවට.
එතකොට ඉහළ මට්ටමේ ඉඳන් පහළ මට්ටම දක්වා ඉන්න සියලු දෙනා එකතුවෙලා කියයි සංවිධායකවරයා තමයි වැඩේ කෑවෙ කියලා.
අපිත් එක්ක ඉන්න මිනිස්සු රැකගන්නත් කිසිම වැඩපිළිවෙළක් අපි දර දිය ඇදලා මහන්සි උනා ට අන්තිමට ඒක ඵල නෙලාගන්නේ පිටින් ඇවිල්ල එකතු වෙන අය.
අඩුම වශයෙන් ජාතික සංවිධායකවරයාවත් අපිත් එක්ක ඉන්න ඕනේ කටු කති බලාපොරොත්තු වෙනවා.
අපි බලාපොරොත්තු උන ජාතික සංවිධායකවරයාට ඉදිරියේ පිහිටවන රජයකින් හොඳ ඇමතිකමක් ලැබෙයි කියලා එතකොට අපි අවශ්‍යතාවයකට දුරකථන ඇමතුමක් ගත්න වෙලාවෙත් ඒවට ප්‍රතිචාර නොමැතිව කටයුතු කරානම් අපි අසරණ වෙනවා ඔබතුමාවත් එහෙම නොකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන්හෙතෙම පැවසීය .
එයට පිළිතුරු ලබාදෙමින්සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කියා සිටියේය මේ ඉදිරිපත් කරන චෝදනා තමන් පිළිගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය විසඳුම් පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ කතාබකොට ඒ සඳහා ඔවුන් නිසි විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි .
